බේරුවල මුහුදේ දිය නාන්න ගිය දෙකක් මරුට

බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (15) දහවල් දියේ ගිලී මියගොස් ඇති අතර, එක් තරුණයකු රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ප්‍රභානු කෞෂල්‍යය සහ චලන දිල්ශාන් නැමති 19 සහ 20 වියැති දෙදෙනකු බවත්, රෝහල් ගතකර ඇත්තේ 18 හැවිරිදි තරුණයකු බවත් සදහන් වේ.

තරුණයන් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ප්‍රථමයෙන් එක් තරුණයකු බේරාගෙන රෝහල් ගතකර තිබේ.

පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් කළ සෝදිසි මෙහෙයුමේ දී අනෙක් තරුණයන් දෙදෙනාද සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇත.

මියගොස් ඇති තරුණයන් දෙදෙනාගේ මෘත දේහයන් බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර , දිවි බේරාගත් තරුණයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වති .

Leave a Reply

Your email address will not be published.