මං සිස්ටම් එක හැදුවා – නාමල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය.

දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස් කර ඇති බවත් කවුරුන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වුවත් එම ක්‍රමවේදය බිඳ නොහෙලන්නේ නම් ක්‍රීඩාව ඉදිරියට යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරයින් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published.