පනත් 03ක් බලාත්මක කෙරේ

පනත් කෙටුම්පත් 03කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (16) සිය සහතිකය සටහන් කර තිබේ.

මෙලෙස කථානායකවරයා විසින් සහතික කර ඇත්තේ, කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත ය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද අද සිට බලාත්මක වෙයි. 

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාද කිරීමකින් තොරව පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Leave a Reply

Your email address will not be published.