මැණිකේ යළිත් ඉන්දියාව ආක්‍රමණය කරයි

ලොවක් අමන්දානන්දයට පත්කළ යොහානි ද සිල්වා ගයන මැණිකේ මගේ හිතේ ගීතය, දෙස් විදෙස් රසික ජනතාව ආදරයෙන් වැළඳගත් ගීතයකි.

විශේෂයෙන් ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් විය.

එය අද නව මානයකට පිවිසුණේ එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගැනීමත් සමඟය.

බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය වූ “මැණිකේ මගේ හිතේ” ගීතය ට ඇති ඉල්ලුම නිසාම, එම ගීතයේ හින්දි අනුවර්තය ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම එම චිත්‍රපටයට යොදාගෙන තිබේ.

එම ගීතය අද එළිදැක්වුණි.

යොහානි මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස් ලේබලය වෙනුවෙනි.

අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි

Leave a Reply

Your email address will not be published.