ක‍්‍රීකට් ආයතනයේ ඩොලර් ටික ඩැහැගන්න සැලසුමක්..

ශ්‍රී ලංකා කර පරිපාලනයට මඩ ගසන අයගේ උත්සාහය ශ්‍රී ලංකා ආයතනය සතුව ඇති ඩොලර් ටික ඩැහැ ගැනීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

ආයතනය සතුව මේ වන විට ඩොලර් මිලියන 40ක සංචිතයක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ණයට මුදල් ඉල්ලා නොසිටිය බවද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනයෙන් මුල්‍ය තත්වය හොඳ තත්වයක ඇති විට පරිපාලනයට ඩැහැගැනීමට උත්සාහ කරන්නන් පසුපස සිටින පුද්ගලයන් කවුදැයි සොයා බැලිය යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමිනි.

Leave a Reply

Your email address will not be published.