ජනමත විචාරණයක් පෙන්නා පුංචි ඡන්දය කල් දමයි…?

මැතිවරණ සංශෝධනයක් ගෙන ගෙන ඒම සඳහා ජනමත විචාරණයක් පවත්වන බවට වන කතාබහ ඔස්සේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් පවතින බවට සැක ඇති වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මැතිවරණ ක්‍රමයට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ වුවද එම සංශෝධනය පිළිබඳව පැහැදිලි යෝජනාවක් රට හමුවේ මෙතෙන් ඉදිරිපත් වී නැතැයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙතෙක් එවන් කෙටුම්පතක් සකසා නැති බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අය පමණක් අත්සන් කර ඇතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිසිවක් ඊට අත්සන් තබා නැති බවත් හෙතෙම කියා සිටියි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය යුතු බව සත්‍ය නමුත් ඊට පියවර ගත යුත්තේ මැතිවරණ කල් ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරමින් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.