අධිකාරියක සභාපතිවරයෙකු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉවත්වන ලෙස විෂය විෂය භාර අමාත්‍යවරයා දැනුම් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරන්ග බස්නායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලියුම අමාත්‍යවරයා වෙත යවා තිබේ.

පසුගිය රජය සමයේදී මෙම පත්වීම සිදුකර ඇත්තේ එවකට රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ක්‍රියාකළ සීතා අරඹෙිපොල මහත්මිය විසිනි.

මේ අතර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ වෘත්තිය සමිති නායකයින් චෝදනා කරන්නේ පසුගිය වසරක කාලසීමාව තුළ තම ආයතනයේ බරපතල දූෂණ හා වංචාරැසක් සිදු වූ බවත් එනිසා එරංග බස්නායක මහතා සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස තමන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්ය.

චෝදනා පිළිබඳව කඩිනම් පරීක්ෂණය ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.