කාලගුණයේ අද සිදුවන වෙනස

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊට අමතරව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු ස්වභාවයක් ගන්නා බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.