මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති හෙට යයි

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී  වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට  (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය.

මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.

එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර  ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය. 

එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

1952සහ 1972 අතර කාලයේදී  ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි.

Leave a Reply

Your email address will not be published.