රටේම ප‍්‍රසිද්ද විශ්ව ශක්ති වෙදා අත්අඩංගුවට.. දැරියක් දුෂණයට

කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කරන බවත් පැවසූ කපුවෙකු බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළේ යැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ සැකකරු අතින් අතවරයට ලක්වූ බව කියන තවත් දැරියන් දෙදෙනකු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බවයි.

දැරියන් ලිංගික අතවර කරන අවස්ථා සැකකරු විසින් වීඩියෝ ගත කර ඇති බව හෙළි වූ නිසා ඔහුගේ ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය භාරයට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්මිත වෙද මහතා නමින් හැඳින්වෙන තිස්හත් හැවිරිදි එක් දරු පියෙකි.

වසර කිහිපයක සිට මෙම ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගැන මෙම කපුවාගෙන් රෝග සුවකර ගැනීම සඳහා රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ සිය ගණනක් ජනතාව එහි පැමිණෙන බවද පොලීසිය සඳහන් කරයි.

මෙසේ පැමිණෙන පිරිස් අතර ඇතැම් දේශපාලනඥයන් හා රජයේ උසස් නිලධාරීන් පවා සිටින බවද හෙළිවී තිබේ.

Leave a Reply

Your email address will not be published.