පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී  ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු  ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර  තවත් මහාචාර්යවරයකුම එම තනතුරට  පත් කිරීම සුදුසු බවට පක්ෂයේ බොහෝ දෙනාගේ අදහසවී ඇත.

එසේම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහාද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

බණ්ඩාර මහතා  පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනට  කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published.