රංජිත් ට සහ දිලුම් ට අලුත් වගකීම්

ජනාධිපතිවරයා විසින් වැඩබලන අමාත්‍යවරු දෙදෙනෙක් පත්කර තිබේ.

රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස එලෙස පත්කර ඇත.

වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාව පත්කර තිබේ.

ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටවයෑම හේතුවෙන් මෙම පත්වීම් සිදුකර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද රංජිත් සියඹලාපිටිය මහතා වන අතර ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published.