බ්‍රිතාන්‍යය දැවැන්ත ආරක්ෂාවක් සැලසුම් කරයි

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය කටයුතු ලබන 19 වනදා අවසන් කිරීමට නියමිතය.

එදින රැජිනගේ දේහය සමග රාජකීයන් ද පාගමනින් ගමන් කිරීමට නියමිත අතර රාජ්‍ය නායකයන් රැසක් ද සහභාගීවීමට නියමිතව ඇත.

එරට මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය සිය විශාලතම ආරක්ෂාව දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය දිනයේ දී එම නගරයට සැපයීමට නියමිත බවය. 

එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, එදිනට ස්නයිපවරුන් ගොඩනැගිලි වහල මත ස්ථානගත කිරීමටත් නිරීක්ෂණ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමටත්, අවමංගල උත්සව අවස්ථාවේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් දසදහසක් යෙදවීමටත් කටයුතු කර ඇති බවය.

ඒ සමග, සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්, ජනතාව අතර ස්ථානගත කිරීමටද නියමිතය. 

මේ අතර ඊයේ රාත්‍රියේ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ පැවති දේව මෙහෙය සඳහා තෙවැනි චාල්ස් රජු, ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමරු එක් වී තිබේ.

සුප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් ද රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්විය.

ඒ පැය 12ක කාලයක් පෝළිමේ රැඳීසිටීමෙන් අනතුරුවය.
 

Leave a Reply

Your email address will not be published.