මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී?

මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කළහ.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම,අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ,සෞඛ්‍ය ,අධ්‍යාපන ,මහාමාර්ග ,නිවාස ආදී අමාත්‍යාංශවල ,කොන්ත්‍රාත් කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිග බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

රජයේ සංස්ථා-මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇත

මේ අතර ,රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මන්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර ඇත.

Leave a Reply

Your email address will not be published.