දොඩම් ගෙඩිය 600 පනී.. මිදි කිලෝව 5000 පනී..

ආනයනික දොඩම් ගෙඩියක් රුපියල් 600 ඉක්මවා මිලකට අලෙවි වෙමින් ඇත.

ප්‍රකට සුපිරි වෙළඳසැල ජාලයක මෙම වර්ගයේ දොඩම් ගෙඩියක් රුපියල් 621 කට බර අනුව මිල නිම කර ඇත.

එහි දොඩම් කිලෝවක මිල රුපියල් 3075.00කි. ආනයනික මිදි කිලෝවක් රුපියල් 5000 ඉක්මවු මිලකට අලෙවි වෙයි.

ආනයන සීමා පැනවීම, ආනයන බදු ඉහළ නැංවීම සහ විදේශ විනිමය අර්බුදය මත මෙසේ මිල ඉහළ යාමට සිදුව ඇති බව වෙලදුන් කියා සිටිති.

Leave a Reply

Your email address will not be published.