යළි නම වෙනස් වූ අගනගරය

කසක්ස්තානයේ

කසක්ස්තානයේ අගනුවර “අස්තානා” ලෙස යළි වෙනස් කර තිබේ.

බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් අගනුවර නම නූර් -සුල්තාන් ලෙස වෙනස් කර තිබුණි.

නව ජනාධිපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අග නගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කර තිබේ.

එමෙන්ම කසක්ස්තානයේ ජනාධිපති ධූරය එක් තැනැත්තෙකුට තනි අවුරුදු 07ක කාලයකට පමණක් සීමා කරමින් ද නීතියක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.