පාඨලීගෙනුත් ළඟදීම නව දේශපාලන බලවේගයක්

ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බවය.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

“පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා පොහොට්ටු රාජපක්ෂවරු නැවත බලය අල්ලන්න යනවා.  ඒක ඒ අය කරගන්න යන බරපතළ වරදක්. ඔවුන් දැන් දේශපාලනයෙන් සමුගෙන යා යුතු මොහොත. පොහොට්ටුව නෙමෙයි රාජපක්ෂවරු. පොහොට්ටුව තමන් කළ වැරදි දැකලා ප්‍රතිසංවිධානය වියයුතු මොහොත. ඒ දෙකම කරන්නේ නැති අය අනාගතයේදී දේශපාලන වශයෙන් අතුගෑවිලා යයි.” 

ප්‍රශ්නය – ඔබතුමා ඉදිරියේදී සමගි ජන බලවේගය එක්ව මේ ගමන යනවාද ?

“අපි බලනවා ඉදිරි කාලයේදී මේ රටට ගැලපෙන මධ්‍යස්ථ, ඒ වගේම ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන්. මේ රටේ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ පිරිස්වල, තරුණ පරපුරේ විශ්වාසය දිනාගත්ත දේශපාලන පක්ෂයක් රටට හඳුන්නලා දෙන්න. සමගි ජන බලවේගයේ පිරිසකුත් සම්බන්ධ වෙයි කියලා හිතනවා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ අලුත් පක්ෂයක් හදන්න යන්නේ ?

“පක්ෂයක් කියන්නේ දැන් මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා. අද රටට අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ මධ්‍යස්ථ බලවේගයක් මේ රට වෙනස් කරන්න. පළමුව එළියේ තිබෙන මහජන මතය පාර්ලිමේන්තුව තුළ මැතිවරණයකින් තොරව කරන්න පුළුවන් නියෝජනයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 108ක් විපක්ෂයේ ඉන්නවා. ඒක 113 කරගන්න ඕනේ.  ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා. වැදගත් ගමනක් ඉදිරියට යන්න. රාජපක්ෂවරුන්ගේ හිරකාරයෙක් නොවී.”

Leave a Reply

Your email address will not be published.