ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනයේදී සිදුවන අකටයුත්තක් ?

රට පුරා ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය තුළ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මේ බව  සඳහන් කළේය.

මහා මාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් වෙනුවෙන් කෝටි 8,000ක මුදලක් ගෙවීමට නොහැකි බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇති බව ද ඒ මහතා පවසයි.

මෙරටට ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී හිඟ අමුද්‍රව්‍ය වෙනුවට අතිරික්තව තිබෙන අමුද්‍රව්‍ය ආනයනයට අවස්ථාව ලබා දෙමින් වංචනික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.