ජනපති ගෙන් ඩයස්පෝරාවට පොරොන්දුවක්

ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ඇරියුම් කර තිබේ.

ඒ, අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට බ්‍රිතාන්‍ය වෙත ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) එරට ඩයස්පෝරාව හමුවූ අවස්ථාවේදීය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ එම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් එක්වී ඇත.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“උතුරේ ඉඩම් පිළිබඳව තිබෙන ප්‍රශ්නය වගේම අතුරුදන්වූවන් පිළිබඳව පැන නැගුණු ප්‍රශ්නය සහ ඔවුන්ට වන්දිගෙවීම සම්බන්ධයෙන් පැන නැගුන ප්‍රශ්නය විසඳාගත යුතුයි. 

අපි ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන විට 2018 වසරේදී විපක්ෂයේ නායකයින් යෝජනා රැසක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු සහ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් එයට එකඟ වී තිබුණා. ඒ නිසා දැන් අපිට ඉදිරියට යන්න පුළුවන්. 

එතනින් එහාට ගියාම අපිට උතුරු පළාත සංවර්ධනය කිරීමේ සැලැස්මක් තියෙනවා. ඔබ මෙතන ඉන්නෙත් යම්කිසි සාර්ථකත්වයක් ලබාගෙන. සමහරු එය ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය විදියට හඳුන්වනවා. මම නම් එයට එකඟ වෙනවා. නමුත් මේ හැමෝම ශ්‍රී ලාංකිකයින්. අපිට අවශ්‍ය හැමෝම සම්බන්ධවෙමින් මේ ව්‍යාපෘතිය සාර්ථක වනවා දැකීමයි.”

Leave a Reply

Your email address will not be published.