මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 08 වැනිදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කීරීමට තැත්කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (19) එම පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, එක් සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 945ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
පසුව සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ඔහු විසින් ඉහත වෙඩි තැබීමට යොදාගන්නා ලද රිවෝල්වර් වර්ගයේ ගිනිඅවිය හා ජීව උණ්ඩ 2ක් සඟවා තිබීයදී සොයාගෙන තිබේ.
දෙවන සැකකරු ගුණසිංහපුර ප්‍රදේශයේ දී ඉහත අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 720 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි වියේ පසුවන කෙසෙල්වත්ත සහ ගුණසිංහපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.