විදුලි කැපිල්ලේ වෙනසක්

දෛනික විදුලි කප්පාදුව අද (20) දිනයේ සිට මිනිත්තු 20කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.

පසුගිය දිනවල දෛනික විදුලි කප්පාදුව පැයකට සීමා වී තිබූ අතර එය අද සහ හෙට (21) යන දිනවලදී පැයයි මිනිත්තු 20ක් දක්වා ඉහළ නංවා ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා අදාළ විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණයක් සහ පා ගමනක් අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සර්ව ආගමික නායකත්වය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සමග මහජන සභාව එක්ව එම උද්ඝෝෂණය සහ පා ගමන සංවිධාන කර තිබේ.

Leave a Reply

Your email address will not be published.