අවසන් සටන් පැවති නන්දිකඩාල් කලපුවේ තිරික්කල් රේස්…

පැරණි සම්ප්‍රදායන්ට නව ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් මුලතිව් වට්ට්‍රාපලෙයි නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී (18) පැවත්වුණි.

වට්ට්‍රාපලෙයි කන්නගී තිරික්කල් තරඟ සංගමය  මගින් වට්ට්‍රාපලෙයි කෝවිල ආසන්නයේ සහ නන්දිකඩාල් කලපුව අසල පිහිටි භූමියක මෙම තිරික්කල් රේස් තරඟාවලිය සංවිධානය කොට තිබුණි.

තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනය ,මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුණි.

මේ අනුව අදාල ප්‍රදේශයන්හි සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගව ජෝඩු 50 කට අධික ප්‍රමාණයක් මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාර පාන ලබා දීමටද සංවිධායක පිරිස විසින් පියවර ගෙන තිබුණි.

පැරණි සම්ප්‍රදායන් වර්ථමානය වන විට තුරන්වී යමින් පවතින හෙයින් එම අත්දැකීම් වර්ථමාන ජනතාවටද දැකබලා ගැනීමට හා වර්ථමානයේ ගවයින්ට සිදුවන වද හිංසා අඩුකිරීමට ගත් උත්සහයක් මෙම තිරික්කල් රේස් තරගාවලියේ අරමුණ බවට සංවිධායකයින් වැඩි දුරටත් කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published.