ආගමික සිද්ධස්ථාන සඳහා ලැබෙන අලුත්ම සහනය

අඩු ආදායම්ලාභී පවුල් සහ ආගමික සිද්ධස්ථාන සඳහා මෙගා වොට් 10ක පාවෙන සූර්ය බලාගාර ඒකක 2ක් සඳහා මේ වනවිට තෝරා ගැනීම් සිදුකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්දීය රජයේ ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියක් ලෙස එය දියත් කර ඇති බවත් මේ වනවිට ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පන්සල් සඳහා සූර්යය කෝෂ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ දැයි විමසීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මේ වැඩිකිරීම තුළින් සියලුදෙනා අපහසුතාවයට පත්ව තියෙනවා. විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළේ මහජන උපයෝගීතා කොමිසමෙන් 2013 දී තමා විදුලිබිල වැඩිවුණේ. 2014 විදුලිබිල අඩුවුණා නොරොච්චෝලේ බලාගාරය එකතුවීමත් සමග. 2014 පස්සේ විදුලිබිලේ සංශෝධනයක් සිදුවුණේ නෑ පහුගිය අවුරුදු 8ක විතර කාලයක්. 

පහුගිය කාලයේ විදුලිබිල සංශෝධනය වෙන කාණ්ඩ 6ක් තියෙනවා. ගෘහස්ත, රජයේ ගොඩනැගිලි, රෝහල්, කර්මාන්ත ශාලා, අධ්‍යාපන කාර්යාල හා ආගමික සිද්ධස්ථාන. පසුගිය කාලයේ සහනාධාර දෙනකොට ආගමික සිද්ධස්ථානවල ට ඒ සහනාධාර දුන්නේ අනෙක් කාණ්ඩවලට ඒක අයකර ගන්න දීලා තිබුණා. 

ආගමික ස්ථානවල උපරිම මිල දීලා තිබුණේ ඒකක 180ට වැඩි රු 9.40යි. ඒකක 30ක් දක්වා රු 1.90ක්. එතකොට ඒකේ බර දාලා තිබුණේ අනෙකුත් කාණ්ඩවලට. අද වෙනවිට ආගමික සිද්ධස්ථානවල 48,682ක් සම්බන්ධතා තියෙනවා. ආගමික සිද්ධස්ථාන නෙමෙයි. මොකද සමහර ආගමික ස්ථානවලට සම්බන්ධතා දෙක තුනක් තියෙනවා. එතකොට ඔබතුමා කියන ප්‍රශ්නයට මුහුණදෙනවා 12,586ක්. සාමාන්‍යයෙන් ඒකක 30ක් දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,195ක්. ඒ අය මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන උපරිම මුදල රු 330යි මාසෙට. ආගමික සිද්ධස්ථාන 11,151ක් මේ සංශෝධනයෙන් පස්සේ රු 1,260යි. එතකොට ආගමික සිද්ධස්ථාන 3,852ක් තියෙනවා ඉස්සර ගෙව්වා රු 607ක් උපරිම මිල දැන් ගෙවනවා රු 1,860ක්. හතරවෙනි කාණ්ඩය තියෙනවා ඒකක 121 – 180 අතර ඒක ආගමික සිද්ධස්ථාන 5,897 මෙතෙක් කල් ගෙව්ව රු 1,057ක් උපරිම බිල මේ සංශෝධනයෙන් පස්සේ ගෙවනවා රු 3,990ක්. අපේ ආගමික සිද්ධස්ථාන 48,000න් 36,000ක් මේ සංශෝධනය පස්සෙත් ගෙවන්නේ මාසිකව උපරිම බිල 3,990යි. නමුත් 12,000ක් තියෙනවා විශාල වශයෙන් බිල වැඩිවුණ. ඒ අයට තමන්ගේ පරිභෝජනය කළමනාකරණය කර ගැනීම සඳහා අපිට වෙන විකල්පයක් නෑ යන්න වෙනවා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට යන්න වෙනවා. 

විදුලිබල මණ්ඩලයට තාමත් සම්පූර්ණ මුදල ලැබෙන්නේ නෑ මේක පියවා ගත්තත්. ඒ නිසා අපි යෝජනා කරන්නේ, දැන් කෙනෙක්ගේ බිල රු 50,000ක් වුණානම් ඒකට ගැළපෙන විදියට වාරික ක්‍රමයට සූර්ය පැනල ගන්න පුළුවන් නම් අවුරුදු 5කින් 6කින් ගෙවලා ඉවර වුණොත් සංශෝධනයක් වුණත් ඒක වෙන්නේ නෑ. හැබැයි අභියෝගයක් තියෙනවා සූර්ය පැනල ආනයනය ට ඩොලර් නැතිකම. ඒ නිසා අපි සාකච්ඡා කරනවා ඉන්දියාවෙන් හෝ චීනයෙන් තමා සූර්ය පැනල ගන්න, ඔවුන්ගේ ණය ක්‍රමයක් යටතේ. ඒ වගේම ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයාට භාරදුන්නා මේ ආගමික සිද්ධස්ථානවලට වැඩපිළිවෙලක් හදලා දෙන්න සූර්ය පැනල ඇති කරගන්න. ඒ තුළින් බිල කළමනාකරණය කරගන්න. 

අපි විදුලිබිල කළමනාකරණය කරගත යුතුයි. උත්පාදනයේ දී ආගමික සිද්ධස්ථානවලට කියලා වෙනම බලාගාර නෑ අඩුවෙන් උත්පාදනය කරන. අපිට උත්පාදනය කරන්න තියෙන්නේ මේ තියෙන බලාගාර ටිකම තමා. ඒ නිසා සහනාධාරයක් දෙන්න මුදල් අමාත්‍යාංශය තීරණය කරනවා නම් ඒක අපිට දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක්. ආගමික සිද්ධස්ථාන 148ක් තියෙනවා තියෙනවා විදුලිබල මණ්ඩලයෙන් හැම මාසේම විදුලිබිල ගෙවපු. ඒවත් ගෙවන්න එපා කියලා මහජන උපයෝගීතා කොමිසම කිව්වේ.”  

Leave a Reply

Your email address will not be published.