අධි කෘශභාවය නිසා දරුවන් මරණයට පවා පත්විය හැකියි

මන්දපෝෂණ තත්ත්වය නිසා ඇතිවන අධි කෘශභාවයට දරුවන් ගොදුරු වුවහොත් එම දරුවන් මරණයට පවා පත්විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන්ගෙන් බොහෝමයක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවය.

මෙරට සෑම නිවාස 10කින් 04ක්ම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බව ලෝක ආහාර වැඩසටහන ඊයේ නිකුත් කළ නවතම සමීක්ෂණය වාර්තාවෙන් අනාවරණ වුණි.

එම සමීක්ෂණයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 37ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බව සඳහන් විය.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසක බොහෝ පිරිසක් එක් ආහාර වේලක් පමණක් ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වෙයි.

නොච්චියාගම ළිංගල ප්‍රදේශයේ ගම්වැසියන්ද ඊට කදිම නිදසුනකි.

එසේම පාසල් සිසුන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද නිරීක්ෂණය කළේය.

මේ අතර ළමා මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරු ද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළකළ අයුරු ඉහතින්.

Leave a Reply

Your email address will not be published.