ඇමති ධුර ලබාගත් ශ්‍රීලනිප 6ක් ඉවතට

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දෙයි.

එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කර ඇති බවද එම පක්ෂය දැනුම්දී තිබේ.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කර ඇත.
 

Leave a Reply

Your email address will not be published.