ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම වැළැක්වීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි පවසන ඒ මහතා අනතුරුව ලබන 2023 වසරේ අවසානය වනවිට එය ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයි විශ්වාසය පළ කරයි.
කොළඹ පිහිටි පශ්චාත් කළමනාකරණ අධ්‍යයන ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන බවත් එය සියයට 100ට එහා ගියහොත් ව්‍යාපාර කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවත්ය.