කාලය වෙන් නොකිරීමට ඩලස්ගේ විරෝධය

පාර්ලිමේන්තුවේ ස්වාධීන වි සිටින තම කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට කාලය වෙන් නොකිරීම පිළිබඳව කනගාටුව පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා

“අපේ කණ්ඩායම තමයි සමස්ථ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහ කණ්ඩායම් අතරින් තුන්වන විශාලතම කණ්ඩායමට බවට පත්වෙලා තියෙන්නේ. විපක්ෂයේ දෙවැනි විශාලතම කණ්ඩායම, කතාකරන්න එක විනාඩියක කාලයක් වෙන්කරන්නේ නෑ කියලා කිව්වාම අපිට සාධාරණ කෝපයක් මතුවෙනවා පාලකයන් එක්ක. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් වාරණයට ලක්වෙච්ච අපි, ඒ බලවේග විසින්ම රනිල් වික්‍රමසිංහ අගමැති කරලා ජනාධිපති කරලා, එතුමා යටතේ අපිට නැවතත් ඒ ඉරණමට ගොදුරුවීමට සිදුවීම කණගාටුවට කාරණාවක්.”

Leave a Reply

Your email address will not be published.