කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
අද දිනයේ දී ශ්රී ලංකා රූපවාහිනී සංස්ථා සශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමට ද නියමිත බව වාර්තා වේ.
ඊට අමතරව හෙට (23) දිනයේ දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.