ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයෙන් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇත.

ශ්‍රී  ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශය මත 2021 වසරේදී ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published.