ආපදාවලදී ප්‍රතිචාර දැක්වීම ගැන සුනඛයින්ට පුහුණුවක්

ස්වාභාවික විපත්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්, සුනඛයින්ට පුහුණුවක් ලබාදීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි.

භූමිකම්පා සහ වෙනත් ස්වාභාවික ආපදාවලදී සිය හිමිකරුවන් ආරක්ෂා කරගත යුතු අන්දම පිළිබඳව පුහුණුවක් මෙක්සිකෝවේ දී සුනඛයන්ට ලබා දී තිබේ.

එම පුහුණුව සඳහා සුනඛයන් තිස් දෙනෙකු පමණ එක් කර තිබූ බව වාර්තා වෙයි. 

මාස දෙකක් පුරා එම පුහුණුව පවත්වා තිබේ.

මෙහිදී සුනඛයන්ට උමං මාර්ග හරහා ගමන් කිරීමට, සිර වී සිටින පුද්ගලයන් සොයා ගැනීමට සහ මීටර් 35ට වඩා වැඩි දුරක් ගමන් කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදුන් බව වාර්තා වෙයි.

1985 සහ 2017 වර්ෂවල දී සැප්තැම්බර් 19වන දින මෙක්සිකෝව භූකම්පන ආපදාවලට මුහුණ දුන් අතර එම සංවත්සරය යෙදී තිබූ දිනයේ දී එම පුහුණුවේ අවසන් දිනය සනිටුහන් කරමින් සුනඛයන් වෙත සහතිකපත් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.