රුපියලට අන්තිමට හිමිවූ ස්ථානය මෙන්න

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය steve hanke විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණය වී ඇත.

2022 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට සැප්තැම්බර් 16 දක්වා යන කාලය තුළදී එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු තැනට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි. 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සිම්බාබ්වේ මුදලේ අගය 73.33%කින් අවප්‍රමාණය වී තිබේ.

දෙවනුවට කියුබාවේ මුදල අවප්‍රමාණය වී ඇති අතර එය 57.65%කින් අවප්‍රමාණය වී ඇති බවයි මහාචාර්ය steve hanke නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.