සත්ව ආහාරවලට ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අවසර

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙලෙස ආනයන කිරීමට අවසර ලබා දී ඇත්තේ මෙට්‍රික් ටොන් 25,000 උපරිමයකට යටත්වය.

මේ අතර 2022/23 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදුකිරීම සඳහා මාස 06ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයන කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published.