මෙරට සංචාරයේ යෙදී සිටි ස්පාඤ්ඤ ජාතික 27 ඇවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන තරුණයකු හා තවත් තරුණයන් නවදෙනෙකු කයිට්ස් මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණියට මුහුදු වෙරළේ දී මෙම ලිංගික අතවරය සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.විදේශීය තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත