ඖෂධ හා උපකරණ හිඟය නිසා ජීවිත රැසක් අවදානමේ….

සෞඛ්‍ය අංශය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රමාණවත් පරිදි සැපයීමට අද වනවිට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර,එයිනුත් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ ප්‍රතිකාර උපකරණවල හිඟය හා නඩත්තු ගැටලු නිසා එම රෝගීන්ගේ ජීවිත විශාල සංඛ්‍යාවක් අනතුරේ වැටී ඇති බව වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීම රජයේ වගකීමක් වන අතර එය සිදු නොවීම කනගාටුවට කරුණක් බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

මේ අතර, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 19/2022 සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අදාල වන්නේ නම් දැනට පවතින මානව සම්පත් කළමනාකරණය ද තවදුරටත් ගැටලු සහගත විය හැකි යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ අද ප්‍රශ්නයක් නගමිනි.

Leave a Reply

Your email address will not be published.