ජනාධිපති රනිල් ජපාන මලගෙදර අද යයි..

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත‍්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේචී ජපාන අගමැති ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් රැසක් හමුවීමට ද නියමිතව ඇති අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.