ශ්‍රී ලංකා විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට වෙලාවෙන් අද  (25) අලුයම 2.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.

එහිදී ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය.

පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ  මට්ටමේ සාකච්ඡා වාරය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට සහභාගිවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.