පාර් ලිමේන්තු කෑම වේලේ මිල ගණන් වෙනස් වෙයි

පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා අය කරන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නව ආහාර වේලක මිල රුපියල් 300ක් වේ.

එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදියෙකු සඳහා ලබාදෙන ආහාර වේලක ද මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 150ක් වන බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.