වෙල්ගම සහ ජී.එල් අතර හමුවක්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (25) රාත්‍රී මහාචාර්යය ජී.එල් පිරිස් මහතාගේ නිවසේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්ය.

වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

“ජී.එල් පීරිස් මහත්තයා අපේ ඉස්කෝලේ. අපිට වැඩිය පොඩි මල්ලි කෙනෙක්. මේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න මට එන්න ආරාධනා කරා. මම ආවා. ඉතින් දීර්ඝ ලෙස කතා කළා. දැනට මේ කතා කළේ ජී.එල් පීරිස් මහතා සමග පමණයි. අනිත් අය එක්කත් සාකච්ඡා කරනවා. එක කුඩයක් යටතේ අපි ඔක්කෝම එක තැනකට එන්න. අද සාකච්ඡා කළේ නව ලංකා නිදහස් පක්ෂයේ සභාපතියි පොදුජන එක්සත් පෙරමුණේ සභාපති එක්ක. වරදක් නෑනේ. අපි දෙගොල්ලෝම එක කණ්ඩායමේ නේ. දැන් මම නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට, මට තනියම යන්න බෑනේ. අනෙක් අයගෙත් සහයෝගය අවශ්‍යයි. චන්ද්‍රිකා මැතිනියත් මට හුඟාක් උපදෙස් දෙනවා.”

Leave a Reply

Your email address will not be published.