ඉස්කෝලේ හිටපු ඇහැට කනට පේන කෙල්ලෝ සේරටම වගේ මම ආදරේ කළා

මිට වසර හත අටකට උඩදී කැලණියේ මර්වින් සිල්වා කිව්වොත් නොදන්නා කෙනෙක් සිටියේ නැත. ඒ තරමටම ඔහු දේශපාලනය කරළියේ අන්දෝලනාත්මක කතා මැව්වේය. වේලාවකට ඔහු කරළියට ආවේ චණ්ඩි පාටටය. 2007 අවුරුද්දේ  රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවැදුනු  සිද්ධිය ඊට උදාහරණයකි. තවත් විටෙක ඔහු කරළියට අවේ පින් පාටටය. කැලණි  පුදබිම අවට ගව ඝාතනය සම්පුර්ණයෙන්ම නැවැත්වීමට අනුබලදීම ඊට තව උදාහරණයකී. එහෙත් ආණ්ඩු පෙරළිත් සමගින් මර්වින් සිල්වා ගැන කාට කාටත් අමතකව ගියේය. නමුත් මීට දින කිහිපයකට පෙර ඔහු යළිත් කරළියට ආවේය. ඒ කලින් කී රුපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවැදුනු සිද්ධියට උසාවියෙන් ලැබුණු කැඳවීම් නියෝගයක් නිසාය. එහෙත් මෙවර චණ්ඩි පාට, පින් පාට වෙනුවට ඔහු කරළියට පැමිණ තිබුණේ නළු පාටකිනි.ඉතින් මේ කතාබහ අලුත්  පෙනුමකින් කරළියට ආ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සමඟිනි.

2007 අවුරුදජාතික රූපවාහිනියේ ඇතිවුණු පනෙට මෑතකදී ආපහු ඔබව උසාවියට කැඳවලා තිබුණා නේද?

නැවත කැඳව බවනම් ඇත්ත. හැබැයි ඉතින් එකපාරක් නෙවෙයි දහපාරක් කැඳවත් මම වැරදි නැත්නම් මම මොකටද බය වෙන්නේ? උසාවිය තීරණය කරයි හරි වැරැද්ද කාගෙද කියලා.

ඒ ප්‍රශ්නයේදී වැඩිපුරම විරෝධය පෑවේ කාන්තාවෝ. අපිට මතකයි ඒ අය ඔබට අසූචි ප්‍රහාර පවා එල්ල කරන්න සූදානමින් හිටියා?

ඒ කාන්තාවන්ට මාත් එක්ක සම්බන්ධතා පවත්වන්න හිතිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා. මම ඒකට අකමැති වෙලා, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණාම එයාලට තරහ යන්න ඇති.

ඇත්තද මර්වින් සිල්වා මහත්තයා තරුණ තරුණියන් වෙනුවෙන් අලුත් පක්ෂයක් හදන්න යනවා කියන්නෙ?

දේශපාලනඥයාට විශ්‍රාම යන ඕන කියලා වයසක් නෑනේ. නීරෝගිකම සහ ජනතාවගේ කැමැත්ත තියෙන තුරාවට දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි ඒ අය දැන් ටිකක් තරුණ තරුණියන්ටත් අවස්ථාව දෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒ ගංවතුරක් ආවත් ගහගෙන යන පොල්කෝබ වගේ අයට නෙවෙයි. රට ගැන හොඳ අවබෝධයක් සහ පැහැදිලි ඉදිරි දැක්මක් තියෙන අයට. ඒ නිසා මමත් ගොඩක් ආසාවෙන් ඉන්නවා ඒ වගේ හොඳ තරුණ තරුණියෝ ඉන්නවා නම් ඒ අයට අවස්ථාව දීලා උදව් කරන්න.

ඔබ දේශපාලනයට ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් එක. එතුමියගේ යන්ත මන නකත වැඩවලව මාතර කවය ගෙන දුන්නෙත් ඔබ කියල අපි අහල තියනවා. ඇත්තද ඒ?

ඒවා පැත්තකට දාන්නකෝ. නමුත් බණ්ඩාරනායක පවුලට මම ඉතාමත් සුහදව ඉඳපු කෙනෙක්. ඒ වන්ම මම ඒ පවුලට ලොකු සේවයක් කළා. එහෙම කරලත් අන්තිමට සත්‍ය කතා කරන්න ගිහිල්ලා එතුමිය මාව පෂන් ඉවත් කළා. අන්තිමට මම නඩු කිව්වා. ඔන්න ඕකයි ඉතිහාසය.

ඔබතුමා සිරිමාවෝ මැතිනිය වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත්, සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනියත් බොහොම ළඟින් ඇසුරු කළා. කාටද මේ තුන්දෙනාගෙන් වැඩිපුරම කැමති?

මිතුරියන් විදියට ඒ තුන්දෙනාම මාත් එක්ක ඉතාමත් මිත්‍රශීලීව හිටියා. නමුත් චන්ද්‍රිකා මහත්මිය එක්ක ඊට වඩා මිත්‍රශීලීව ද කටයුතු කරලා තියෙනවා.  මොකද එතුමියගෙයි විජයගෙයි මිත්‍රකම ඇති කරවන්න උදව් කළෙත් මම. මොකද මම ඉස්සර  වැඩි හරියක් හිටියේ ඒ ගෙදර.

ඇත්තද බණ්ඩාරනායක පවුල් එකනම් එක්ක හරි තරහා වුණාම ඉස්සර රෙදි ටිකත් අරගෙන අනිත් අයගේ ගෙවල් වලට යනවා කියන්?

අපොයි ඔව්. අනුර එක්ක රණ්ඩු වුණාම රෙදි මල්ලත් අරන් මැතිනියගේ ළඟට යනවා. මැතිනිය එක්ක රණ්ඩු වුණොත් එතැනින් රෙදි ටිකත් අරත් චන්ද්‍රිකා මැතිනියගේ ගෙදරට යනවා. ඔහොම තමයි හිටියේ. අන්තිමට කොහොමහරි විජය මැරෙනකොටත් මම හිටියේ ඒ ගෙදර.

ඔබ රාජපක්ෂ පවුලේ උදවියවත් ඒ වගේම ළඟින් ඇසුරු කළා ද? ඒ පවුලේ අයගෙන් කැමතිම කෙනෙක් නැද්ද?

D.A. රාජපක්ෂ මැතිතුමායි මගේ තාත්තයි ඉතාමත් හොඳ මිත්‍රයෝ. එයාලත් මාත් එක්ක ඉතාමත් ළඟින් හිටියා. නමුත් ඉතින් කාලයාගේ ඇවෑමෙන් මම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය වෙලා එනකොට ඒ අය. මට අපේක්ෂකත්වය නොදී කෙනෙහෙලිකම් කළා. හැබැයි අපේක්ෂකත්වය නොදීපු එකනම් දේව ආශිර්වාදයක් කියලා දැන් හිතෙනවා. මොකද එහෙම වුණා නම් පහුගිය දවස්වල සිද්ධවුණු කලබලවලට මගේ නමත් ගෑවෙනවා.

ඔබ කලාකරුවා එහෙමත් ඉතාමත් ළඟින් ඇසුරු කළානේ. මොනවද රන්ජන් රාමනායක ගැන තියෙන මතක?

ඒ කාලේ රන්ජන් හිටියේ විජය කුමාරණතුංගගේ ගෙදර. ඉතින් ඒ කාලේ ඉඳලම මම රන්ජන්ව  හොඳට දන්නවා. අන්තිමට විජේගේ මරණෙන් පස්සේ රන්ජන්ට යන්න තැනක් තිබුණ නැති නිසා රන්ජනුයි මමයි මම හිටපු ගෙදර එකට හිටියේ.

දැන් ටිකක් ගෙදර පැත්තට හැරෙමුකෝ. මාධ්‍යයවලින් අපි දකින චණ්ඩි මර්වින් සිල්වමද ගෙදරත් ඉන්නේ?

පිරිමියෙක් වුණාම හොඳට මතක තියාගන්න ඕන එළියෙ දාන සද්ද ඔක්කොම ගෙදරත් ඇවිල්ලා දාන එක පිරිමිකම නෙවෙයි. කියලා. මම ගෙදරදි වෙනස්ම චරිතයක්. මමයි නෝනයි දැන් තනියම ගෙදරට වෙලා ඉන්න නිසා අපි දෙන්නා බෙදා හදාගෙන වැඩ කරගන්නවා. කාලා බීලා වළන් පිඟන් ටික පවා අපි දෙන්නම එකතුවෙලා හෝදනවා. එයාට අමාරුනම් මම ලූනු ගෙඩියක්, එළවලු ටිකක් වුණත් කපලා දෙනවා. මේ දවස්වල ගෙදර කවුරුත් නැතිව නෝනව තනියම දාලා යන්න බැරි නිසා දේශපාලන වැඩවලට යද්දි පවා එයාව එක්කගෙනමයි යන්නේ. ඔය විදියට අපි දෙන්නා ගොඩක් ආදරෙන් එදා වගේම තාමත් ඉන්නවා.  

ඒ දවස්වල නෝනා නීතියක් දාලා තිබුණලු නේද කොහේ ගියත් ගෙදර එනකොට මල් පත්තරයක් ගේන්න කියලා. එහෙම නැතුව ගෙදර ආවොත් ආපහු හරවලා යවනවලු නේද?

අපොයි ඔව්. එයා ඒ දවස්වල හරියට ‘කුමරි’ පත්තරේට ආස කළා. ඉතින් මට කොහේ ගියත් කෝල් කරලා කියනවා හවසට ගෙදර එනකොට අනිවාර්යයෙන්ම පත්තරේ අරන් එන්න, නැතුව නම් එන්න එපා කියලා. ඉතින් මම හැමතැනම හොයලා හොයලා කොහොමහරි කුමරි පත්තරේ හොයාගෙන එනවා. බැරි වෙලාවකවත් අමතක වුණත් ගෙදර ආවට පස්සේ මාව ආපහු හරවලා යවනවා පත්තරේ ගේන්න කියලා. එයාට තියෙන ආදරේට ඉතින් මමත් ආපහු ගිහින්
හරි අරන් එනවා.

ඒ කියන්නේ ඔබ හොඳ ප්‍රේමවන්තයෙක්?

ඉස්කොලෙ යන කාලෙ ඉඳලා මම හොඳ ප්‍රේමවන්තයෙක්. ඉස්කෝලේ හිටපු ඇහැට කනට පේන කෙල්ලෝ සේරටම වගේ මම ආදරේ කළා. ඒ අය මටත් ආදරේ කළා. ඒ විතරක් නෙවෙයි අපේ ඉස්කේලේ අවලස්සන ගෑනු ළමයෙක් හිටියා කිසිම කොල්ලෙක් නොබලපු. ඉතින් එයා පව් නිසා එයාගෙ දුක නැති කරන්න හිතාගෙන මම එයාටත් ආදරේ කරා. ඊටපස්සෙ ඉතින් කසාද බඳින හොඳම කෙනා මගේ නෝනා කියලා හිතලා තීරණයක් ගත්තා.

ඇත්තද නෝනට වඩා අවුරුදු 10ක් වැඩිමල් කියන?

ඔව් ඇත්ත තමයි. මම එයාව කසාද බැද්දේ එයාට අවුරුදු 15දි. ඊටපස්සේ බැඳලා තමයි එයාව ස්ටැෆර්ඩි කොලේජ් එකට යවලා සාමාන්‍ය පෙළ ලියෙව්වේ.

නෝනලට වඩා මහන්තරු අවුරුදු 10ක් 15ක් වැඩිමල් වුණාම ඒක මහ උජාරුවට කියවනවන්. හැබැයි ඒක අනිත් පැත්ත වුණාම සමාජය දොස් කියන එක ගැන මොකද හිතෙන්නේ?

අන්න හොඳ ප්‍රශ්නයක්. මමත් පිරිමින්ගෙන් අහනෙත් ඒ ප්‍රශ්නයමයි. කෙල්ලෙකුට වඩා උඹලා අවුරුදු 10ක් 12ක් වැඩිමල් වුණහම ඒක හොඳයි. නිකමටවත් එහෙම අවුරුදු ගාණක් බාල කොල්ලෙකුට කෙල්ලෙක් ආදරේ කරොත්, අපෝ අරකි මිනිහට වඩා වැඩිමල් කියලා දාහක් කතා කියනවා. මං අහන්නේ අපිට ඒක පුළුවන්නම් ඇයි උන්ට ඒ වරප්‍රසාදය නොදෙන්න තරම් අපි කුහක වෙන්නෙම මේ සමාජය ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතු දෙයක්.

මොකද මේ එකපාරටම රැවුල වවලා අලුත් විලාසිතාවක් කරන්න හිතුණේ?
නෑ මම නිකන් කම්මැලිකමට රැවුල ටිකක් වවන්න පටන්ගත්තා. ඒක දැකලා නෝනයි  පුතයි කිව්වා ‘අනේ ඔයාට රැවුල වවලා හරීම  ලස්සනයිනේ, කපන්න එපා කියලා. ඒක නිසා මමත් කැපුවෙ නැතුව තියාගත්තා.

අවසාන වශයෙන් ඔබට මොනවදජනතාවට කියන්න තියෙන්නේ?

කියන්න තියෙන්නේ මෙච්චරයි. හතු. පිපෙන්නා වගේ දේශපාලන පක්ෂ හැදුනට, දේශපාලනඥයෝ බිහිවුණාට විපරමකින් තොරව ඒ අයට අහුවෙන්න එපා. ඒ අය එදා සහ අද කොහොමද, ස්ත්‍රී දූෂණ, වංචාවලට අසුවෙලා තියෙනවද කියලා වගේම මහජනතාවට මුණගැහෙන්න අවස්ථාවක් නොදී ඉඳලා තියෙනවද කියලා හොඳට බලන්න. මොකද ආපහු සැරයක් කිසිම හේතුවක් නිසා මේ රට ආපස්සට යන්න  දෙන්න බෑ.

Leave a Reply

Your email address will not be published.