අයිෆෝන් 14 චීනයෙන් ගැලවී ඉන්දියාවට යයි

ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය.

චීනයේ ස්ථාපනය කර තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී.

ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය සැප්තැම්බර් මාසයේ මුලදී එළිදැක්වීය.

එහි නව ආරක්ෂක ක්‍රමවේද ඇතුළු කර ඇති අතර තාක්ෂණයද දියුණු කර තිබුණි.
 
මෙම වසරේ අග වනවිට ඇපල් සමාගම තම නිෂ්පාදන කටයුතුවලින් 5%ක් පමණ ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වන බව සඳහන් ය.

ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ 2025 වනවිට එක් “අයිෆෝන්” මාදිලියක් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමය.

Leave a Reply

Your email address will not be published.