බේබි ෂෙරමි 60 වැනි සංවත්සරය සමරයි

Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60 වැනි සංවත්සරය පසුගියදා සමරන ලදි. දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි ශ්‍රී ලාංකේය ළදරු සත්කාරක නිෂ්පාදන වෙළෙඳපොළ තුළ අංක 1 ස්ථානය අඛණ්ඩව රැක ගැනීමට සමත් වී ඇති අතර, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රාජ්‍යයන් ගණනාවකට අපනයනය කරයි.

Hemas මැනුෆැක්චරින් සමාගම 1962 වසරේදී මුලින්ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. එම සන්නාමය වෙතින් ගෙන ආ සුවඳ මෘදු, ආදරණීය මෙන්ම විශ්වසනීය හැඟීම නිසාම අද පවා බොහෝ ශ්‍රී ලාංකේය මවුපියන් තුළ එම සුවඳ කෙරෙහි දැඩි ආකර්ෂණීය බවක් දක්නට ලැබේ. බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්‍රීම් සහ ලෝෂන්, ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇති අතර, එම නිෂ්පාදන සියල්ලක්ම ගුණාත්මක හා ආරක්ෂිත අමුද්‍රව්‍ය යොදා ගනිමින්, සංවේදි ළදරු සමට හිතකර අයුරින්ම නිපදවයි. එමෙන්ම දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුව බේබි ෂෙරමි විසින් මෑතක දී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published.