කැරලිකරුවන්ට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ පවා සහයෝගය දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කැරලිකරුවන් උත්සාහ කළ අවස්ථාවේ එම පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ සිටි බව සියලු දෙනා දුටු බවද ඒ මහතා කීවේය.
මහනුවර දී පසුගිය (25) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ රටේ ජාතික ආරක්ෂාව සහ ප්රජාතන්ත්රවාදය රැක ගත යුතු බවත්, යම් ලෙසකින් කැරලිකරුවන් පැමිණ පාර්ලිමේන්තුව ඔවුන්ගේ තෝතැන්නක් බවට පත්කර ගතහොත් ප්රජාතන්ත්රවාදය වැළලී යන බවත් හෙතෙම අවධාරණය කළේය. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ජනපතිවරයාගේ වගකීම බවත් පාර්ලිමේන්තුව ඇතුළු ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීවේය.