පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (28) නොතීසි නිකුත් කර තිබේ.
ඒ එළඹෙන ඔක්තෝබර් මස 31වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටය.
පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාම විහාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෞද්ගලික නඩුවකට අදාළව අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.