තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ අද (27) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත්තේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ අදාළ බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වහාම උපදෙස් ලබාදෙන ලෙසය.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ පාර්ශ්ව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
අද (27) රාත්‍රී 8 පමණ තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හටගත් විශාල ගින්නකින් නිවාස 50ක් පමණ ගිනිබත් වී තිබුණි.
කෙසේවෙතත් ගින්නෙන් ජීවිතහානි හෝ තුවාලලැබූවන් මෙතෙක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
තොටළඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල කජීමාවත්ත ප්‍රදේශයේ එක පෙළට පිහිටි නිවාස 50ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබුණි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනිනිවන හමුදාවේ රථ 12ක් පමණ යොදාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.