පාන් පිටි මාෆියාවක් ?

තිරිඟු පිටි හිඟයට මුවාවී වෙළෙඳපොළ තුළ ගෙනයන “පිටි මාෆියාව” හේතුවෙන් සිය ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ තිරිඟු පිටි සපයාගැනීමට නොහැකිව මේ වනවිට දිවයින පුරා බේකරි දෙදහසකට අධික ප්‍රමාණයක් වසාදමා ඇති බවය.

මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමුකොට විසඳුම් ලබාදිය යුතු බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

“පිටි හිඟයට මුවාවෙලා කලු කඩ මාෆියාවක් බිහිවෙලා පිටි කිලෝ එක රුපියල් 420 දක්වා වැඩිවෙලා තියෙනවා. ප්‍රධාන සමාගම් දෙකෙන් 50%ක් වත් අද වෙනකොට පිටි ලැබෙන්නේ නැහැ. පිටරටින් පිටි ගෙන්වන මේ වෙළෙඳ ප්‍රජාව පිටි කිලෝ එකක් රුපියල් 200.00ට ගෙන්වන්නේ. ඒ පිටි කිලෝ එක අද වෙනෙකොට රුපියල් 420කට විතර අලෙවි කරනවා. 

මේක අසාධාරණ හෙන ගහන අපරාධයක්. ඇත්තම කියනවා නම් අද වෙනොකට ඈත ගම්බද පළාත්වල තිබෙන ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි සියල්ලම නවත්තලා දමා හමාරයි. මොකද ඒ බේකරිහිමියන්ට පිටි ගන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ කුඩා ප්‍රමාණයේ බේකරිහිමියන් හැමදාම පිටි මිටිය අරගෙන ගියේ සිල්ලර කඩෙන් තොග කඩයෙන් ආර්ථිකයෙන්. ඉතින් ඒ කඩේ අද වෙනකොට රුපියල් 21,000ක් වෙනවා පිටි මිටියක්. 

රුපියල් 21,000ක් වෙන පිටි මිටියක් අරගෙන ගිහින් බේකරි කරන්න බැහැ කවදාවත්. ඉතින් ඒ නිසා මේ කර්මාන්තාය නවත්තලා දාලා තියෙනවා. බේකරි 2,000ට වැඩි ප්‍රමාණයක් අද වෙනකොට නවත්තලා දාලා තියෙනවා.  ඒවගේ වැඩ කරපු, ඒවා ජීවන උපාය කරගත්තු සියලු දෙනා අද මහ පාරට වැටිලා තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published.