මහා පරිමාණ ජාවාරමකට තිදෙනෙක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ ගංජා ජාවාරම්කළ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති සොහොයුරෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්මකම් විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඔවුන් නීති විරෝධීව උපයාගත් රුපියල් කෝටි 5ක පමණ මුදලකින් මිලදීගත් ප්‍රාඩෝ රථයක්, අවුඩි වර්ගයේ ජිප් රථයක් සහ හයිලක්ස් වර්ගයේ කැබ් රථයක් ද සමගිනි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රථමයෙන් පවසා ඇත්තේ කෙසෙල් වගාවෙන් සහ මුදල් පොලියට ලබාදීමෙන් අදාළ මෝටර් රථ මිලදී ගත් බවය.

කෙසේවෙතත් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ ගංජා ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් අදාළ මෝටර් රථ තුන මිලදී ගත්බවය.

එමෙන්ම අධි සුඛෝපබෝගී නිවාස හා වතුපිටි ද මොවුන් මිලදී ගෙන ඇති අතර ඒවා පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර පොලිස් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය නීති විරෝධී වත්මකම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකර ඇත 

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ කරගෙන ඇත්තේ සැකකරුවන් විසින් මහා පරිමාණ ගංජා හේන් පවත්වාගෙන යන පුද්ගලයන් බවය.

ඔවුන්ගේ දේපළ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.