ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ බරපතළම දත්ත සොරකම

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 40%ක පමණ දත්ත සොරකම් කර ඇති බව වාර්තා වෙයි.

එරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔප්ටස් සමාගම නිවේදනය කළේ සයිබර් ප්‍රහාරයක් මගින් එහි පාරිභෝගිකයන් මිලියන 10ක පමණ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවය.  

එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වී ඇති බරපතළම දත්ත සොරකම ලෙස සැලකෙයි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන්නේ දැඩි විරෝධයකි.

ඔස්ට්‍රේලියානු බලධාරීන් ජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන මතුව ඇත්තේ සැකයකි.

ඔප්ටස්, සිංගප්පුරු විදුලි සංදේශ සමාගමට සම්බන්ධ ආයතනයකි.

තම ජාලය තුළ සැකකටයුතු ක්‍රියා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම සමාගම සිදුව ඇති දත්ත හැක් කිරීම සම්බන්ධයෙන් පැය 24ක් ඇතුළත නිවේදනයක් නිකුත් කළේය.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම විදුලි සංදේශ පහසුකම් සපයන්නා පැවසුවේ සිය පාරිභෝගිකයින්ගේ නම්, ලිපින, උපන්දින, දුරකථන විස්තර, විද්‍යුත් ලිපින වැනි තොරතුරු සොරකම් කර ඇති බවය.

එහෙත් ගිණුම් ගැන තොරතුරු හෝ බැංකු කාඩ් සහ ණය කාඩ්පත්වල තොරතුරු පිටස්තරයින් අතට පත්වී නොමැති බව එම සමාගම පැවසීය.

Leave a Reply

Your email address will not be published.