ජනපති ජපාන අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් ඊයේ (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී පැවැත්විණි. ජනාධිපති රනිල්

වික්‍රමසිංහ මහතාව උණුසුම් ලෙස පිළිගත් ජපාන අග්‍ර­ාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත් වීම නිමිත්තෙන් සිය සුභාශිංසන පිළිගැන්වීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද අධිරාජ්‍යයාගේ නිල නිවෙස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේදී ඊයේ (28) පෙරවරුවේ සිදු විය. එහි පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාව නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.‍

Leave a Reply

Your email address will not be published.