යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 1.5 මුදලක්

ශ්‍රී ලංකාව සඳහා මානූෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබා දී ඇති බව යුරෝපා සංගමය පෙන්වාදෙයි.

ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා වන ආහාර සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා එම මුදල් ලබාදීමට නියමිත අතර වඩාත් අවදානම් පවුල් ඒකක වෙත එම ආධාර ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මිලියන ගණනක ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයකට ලක්වෙමින් පවතින අතර සමාජ ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බව යුරෝපා සංගමයේ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් ජැනස් ලෙනාචික් සඳහන් කළේය.

මෙම නව මානුෂික අරමුදල මගින් යුරෝපා සංගමය, වඩාත් අවදානමට ලක් වී ඇති ජනතාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.