රනිල් – මෝදි හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර හමුවක් සිදුව තිබේ.

ජපානයේ ටෝකියෝ නුවර දී ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ එම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

විනාඩි 10කට පමණක් සීමා වූ එම හමුවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිල නොවන මට්ටමින් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් ද පළ කර ඇති බව වාර්තා වේ.

මේ අතර, ජපානයේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා අගනුවර වෙත පැමිණ තිබේ.

එම සංචාරයේදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් රොමුල්ඩස් මාර්කෝස් මහතා සමග සාකච්ඡා පැවැත්විමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුලසුන දරන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වන රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

එම රැස්වීම අතරතුර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.

එම සංචාරය නිම කරමින් හෙට (30) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.